යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබදව නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම හා වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය සදහා නිර්මාණය කරන ලද අභිනව වෙබ් අඩවිය විවෘත කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිසාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී සිදු විණි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමා මෙසේද සඳහන් කළේය.
අමාත්‍යාංශයෙහි රාජකාරී භාර ගැනීමෙන් පසුව සිදු කරන ලද අධ්‍යයනයන් වලදී අධිකරණ පද්ධතියෙහි දියුණුව සදහා සිදු කර ඇති ආයෝජනය ඉතා අඩු ප්රමාණයකි.
මහාධිකරණයෙහි නඩුවක් විභාග කිරීමට පමණක් වසර දහයක පමණ කාලයක් ගත වන බවද , දිසා අධිකණයෙහි අවුරුදු විස්ස ඉක්මවූ නඩු පන්දහසකට වැඩි ප්‍රමාණයක් ද පවතින බවත් මෙම තත්වය වෙනස් කිරීම සඳහා තාක්ෂණය හා ක්රමෝපායන් භාවිතයට ගැනීම සහ යල්පැන ගිය නීති සංශෝධනය කල යුතුව ඇති බව අමාත්‍යතුමා සදහන් කළේය.
අධිකරණ පද්ධතියෙහි යටිතල පහසුකම් මෙන්ම තාක්ෂණය භාවිතයට ගැනීම ඉතාමත් අවම මට්ටමක පවතීන අතර විනිසුරුවරුන්ගේ ප්‍රමාණයද ජනගහනයට සාපේක්ෂව අවම මට්ටමක පවතී.
එබැවින් නඩු කටයුතු ප්‍රමාදවීමක් මෙන්ම නඩු ගොඩගැසී ඇති ආකාරයත් දැකගත හැකි බැවින් එම කටයුතු කඩිනම් කිරීමේ උපාය මාර්ග ලෙස අධිකරණ ප්‍රමාණය වැඩිකිරීම, විනිසුරුවරුන් වැඩිකිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා නව තාක්ෂණය අධිකරණ පද්ධතියෙහි කටයුතු සඳහා ආදේශ කර අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සංවිධානාත්මකව මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත.
අධිකරණ පද්ධතියෙහි ක්‍රියාශීලී බව සහ නඩු කටයුතු කඩිනම් කිරීම අරමුණු කරගෙන දිවයින පුරා පිහිටි අධිකරණවල පහසුකම් නංවාලීමේ වැඩකටයුතු කඩිනම් කිරීම මේ වන විටත් ආරම්භ කර අවසන් කර ඇති අතර එයට සමගාමීව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකණ සංකීර්ණය හා අධිකරණ අමාත්‍යාංශය සඳහා වන නව ගොඩනැගිල්ල රුපියල් බිලියන 16ක වියදමින් දැනටමත් ආරම්භ කර ඇති බව පැවසූ ගරු අමාත්‍යතුමා මේ සඳහා ආයෝජනය කිරීමට අතිගරු ජනාධිපතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍යතුමාගේ සම්පූර්ණ සහය හිමිව ඇති බව සඳහන් කලේය.
රටක් ලෙස ඉදිරියට යා යුතුනම් එක් එක් පුද්ගලයන්ට දොස් පවරනවා වෙනුවට පුරවැසියකු ලෙස තම තමන්ට පැවරී ඇති වැඩ කොටස නිසියාකාරව සිදු කිරීමට සෑම පුද්ගලයකුට හැකියාව ඇත්නම්, මීට වඩා පියවරක් ඉදිරියට ගිය සමාජයක් ගොඩගැනීම ඉතා පහසු බව ගරු අමාත්‍යවරයා සඳහන් කලේය.
රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුවේ ගොඩගැසී තිබූ වාර්තා ප්‍රමාණය 8000කට ආසන්න ප්‍රමාණයක්ව තිබූ අවධියක එය අවම කරගැනීම සඳහා එහි නිළධාරීන් හා සාකච්ඡා කොට ඒ සඳහා ගතහැකි ක්රිියා මාර්ග මොනවාදැයි අදහස් ලබාගෙන එම නිරීක්ෂණයන්ට අදාලව අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම තුළින් පසුගිය මස වන විට ගොඩගැසී තිබූ 8000ක් පමණ වූ පරීක්ෂණ ප්‍රමාණය 3000ක් තරහම් වූ ප්‍රමාණයක් දක්වා අඩුකර ගැනීමට හැකි වී ඇත. මෙය ලබන මස අවසන් වන විට සියයට සියයක්ම අවසන් කිරීමට හැකියාව ඇත. මෙමගින් බන්ධනාගාර වල ඇති තදබදය මෙන්ම නඩු කටයුතු කඩිනම් කරගත හැකිය.
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබදව නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම කොළඹ දිසාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැති අතර, එම අධිකාරියේ සභාපති සහ හිටපු සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුහද ගමලත්, එහි අධ්යක්ෂ ජනරාල් උදය කුමාර අමරසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන් සමාරම්භක උත්සව සභාව අමතා අදහස් පලකල අතර මෙම අවස්ථාවට ගරු අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස්, යන මහත්ම මහත්මීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ කළමණාකරණ මණ්ඩලයේ සාමාජිකයින් හා නිළධාරීන්ද එක්විය.