ජනාධිපතිවරණ නිමිත්තෙන් මත්පැන් විකිණිමේ සියලු සුරාබදු බලපත්‍රලත් ස්ථාන ලබන 16 හා 17 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජි.සුමනසිංහ මහතා නියෝග කර තිබේ.

දැනට සංචාරක හෝටල් ඇතුළු සුරාබදු බලපත්‍ර ස්ථාන 3500 ක් ක්‍රියාත්මකය. නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවකාශ සලසමින් මැතිවරණ කොමිසන් සභාවේ නියමනය  පරිදි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කරන ලද ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

මෙම දිනවල මෙම නියෝගය පිලිනොපදින පුද්ගලයින් සොයා වැටලීම් කිරිමට සුරාබදු නිලධාරින් දහසක් පමණ දිවයින පුරා අනියුක්ත කර ඇති බවත් සුරාබදු බලපත්‍ර කඩ කර අසුවුවහොත් ඒම අවස්ථාවේදිම සුරාබදු සැල මුද්‍රා තැබිමටද ඒම නිලධාරින්ට උපදෙස් ලබා දි ඇති බව ඒ් මහතා වැඩිදුරටත් පවසයි.

ශානි පොල්ගම්පල

Similar Posts