මෙරට භාවිතය තහනම් කොට ඇති  ග්ලයිපොසෙට් වල් නාශක තොගයක් හා ඒවා කුඩා පැකට් වලට ඇසුරුම් කරමින් සිටි අයෙකු සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ සෙබළුන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

තහනම් වල් නාශක තොගය සමග අත් අඩංගුවට පත්ව ඇත්තේ සූරියවැව පදිංචි 49 වැනි වියේ පසු වන්නෙකි.

වෙළද පොලේ දැඩි  ඉල්ලුමක් තිබෙන එහෙත් මෙරට භූමියට ඉතා අහිතකර බවට සැළකෙන ග්ලයිපොසෙට් වල් නාශක අඩංගු බහාලුම් 25ක් ඉතා රහසිගතව ගබඩා කොට තබා  ඇත්තේ සූරියවැව පොලිස් ස්ථානයට නුදුරු ස්ථානයක බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සූරියවැව කදවුරේ නිළධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර . එහිදී කිලෝග්‍රෑම් 50 ග්ලයිපොසෙට් අසුරා තිබූ පොලිසැග් උර  25ක් හිස් කවර 1040 හා පොලිතීන් සීලර් යන්ත්‍රයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට පත් තහනම් වල් නාශක තොගය හා සැකකරු සූරියවැව පොලීසියට භාර දී ඇති අතර ඔහු ඊයේ (01) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පොලිස් විශේෂ කාර්ය බලකා සූරියවැව කදවුරේ උ.පො.ප.ඒ.එච්.එල් දිල්ශාන් ඇතුළු නිළධාරීන් කන්ඩායමක් විසින් මෙම තහනම් වල් නාශක තොගය හා සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

චන්ද්‍රසේන ගමගේ

Similar Posts