tiper

අඟුණකොළපෑලැස්ස, වැටිය ප්‍රධාන මාර්ගයේ මුරවැසිහේන ප්‍රදේශයේදී  සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇතැයි අඟුණකොළපෑැලැස්ස පොලීසිය පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ටිපර් රථයක් හා වැලි පටවා ගෙන පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ටිපර් රථයේ රියදුරු වූ රාජගුරුගේ ලලිත් කුමාර රාජපක්ෂ නම් 45 වැනි වියේ පසු වූ අයෙකි.දෙදරු පියෙකු වූ මිය ගිය රියදුරු අම්බලන්තොට වාදුරුප්පේ පදිංචි අයෙකු බව පොලීසිය පැවසීය.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරයේ යටතේ සේවය කළ කම්කරුවන් පිරිසකි. ඔවුන් ඊයේ පෙරවරුවේදී  වැටිය ප්‍රදේශයේ මාර්ග දෙපස තණ කොළ කැපීම සදහා ටිපර් රථයේ පසු පස ගමන් කරමින් සිටි පිරිසකි.

අනතුරෙන් තුවාල ලැබූවන්ට මූලික ප්‍රථිකාර අගුණකොළපෑලැස්ස දිසා රෝහලේදී ලබා දෙනු ලැබීය. අනතුරුව තුවාල කරුවන් වැඩි දුර ප්‍රථිකාර සදහා තංගල්ල මූලික රෝහලට පිටත් කර හරිනු ලැබීය. තුවාල ලැබූවන් අතරෙන් එක් අයෙකු බරපතල තත්වයෙන් පසු වූ අතර ඔහු වැඩිදුර ප්‍රථිකාර සදහා කරාපිටිය ශක්ෂණ රෝහලට මාරු කරුණු ලැබීය.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන අඟුණකොළපෑලැස්ස පොලීසියේ රථවාහන අංශය මගින් වැලි පටවා ගෙන පැමිණි ටිපර් රථයේ රියදුරු අත් අඩංගුවට ගනු ලැබීය. ඔහු වෙලංගහවල පදලංගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

චන්ද්‍රසේන ගමගේ

Similar Posts