web

රුපියල් ලක්ෂ 160 කට ආසන්න මුදලක් වියදම් කර සංචාරක කර්මාන්තය ඉහළ දැමීමට වෙබ් අඩවියක් නිර්මාණය කිරීම තොරතුරු ඇතුලත් සීඩි පටයක් සහ ජාත්‍යන්තර මට්ටමේ ග්‍රන්ථයක් සැකසීමට ගිවිසුම් ගතවූ ආයතනය අදාල ගිවිසිමට අනුව කටයුතු ඉටු නොකර මුදල් වංචාවකර ඇති බැවින් වහාම ඒ පළිබදව කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ඒ.කේ.එන්. වික්‍රමසිංහ මහතාට (5දා) සවස නියෝග කළේය.

උතුරු මැද පලාත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා වන පාර්ශව කරුවන්ගේ ආදල නිළධාරීන් සමග (5දා)උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැති රැස්වීමේදී ආණ්ඩුකාරවරයා මෙම නියෝගය ලබාදෙනු ලැබීය.

ඉදිරියේදි ඒ සම්බන්ධව නීති මගින් කටයුතු කර මුදල් වංචාව සම්බන්ධයෙන් සිදුකරනා සියළුම නීති කටයුතු පිළිබද ප්‍රගතිය ඉදිරි රැස්වීමේදි තමන්ට දැන්විය යුතු බව ප්‍රකාශ කළ ආණ්ඩුකාරවරයා මන්දගාමිව සිදුවන පරික්ෂණ කඩිනම් කළ යුතු බවට නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.

යහපාලන ආණ්ඩුව පැවති 2016 වසරේදි රුපියල් ලක්ෂ 130ක් පමණ වියදමක් අදාල කටයුත්ත සදහා දැනට දරා ඇති බවත් අදාල කොන්ත්‍රාත්කරු  වෙබ් අඩවිය නිර්මානය කර නිමකිරිම පැහැර හැර ඇති බවත් කටයුත්ත අවසන්කර දෙන ලෙස ඉල්ලා ලිපි 14ක් යවා ඇතත් ඊට කිසිදු ප්‍රතිචාරයක් ඔහුගෙන් ලැබී නොමැති බව සාකච්ඡාවේදි හෙලිවිය.

අදහස් දැක්වූ පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඉතා විශාල මුදල් අවභාවිතයක් මේක.පළාතේ දුප්පත් ජනතවාගේ මුදල් අවභාවිතා කිරිම විශාල අපරාධ ක්‍රියාවක්.ඊට අවශ්‍ය නිසි ක්‍රියා මාර්ග ගන්න ඕන.

අනුරාධපුර පූජා භූමි ප්‍රදේශයේ ඉතාමත් අවධිමත් ලෙස අනවසර කඩ ඉදිවී තිබෙනවා. වන්දනාවේ පැමිණෙන බැතිමතුන් හට විශාල හිරිහැරයක්.ඒ පිළිබදව ජනාධිපතිතුමන් දැනුවත් කිරීමට කටයුතු සිදුකරන බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මෙම අවස්ථාව සදහා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම්. ඒ.කේ.එන්. වික්‍රමසිං සහකාර අධ්‍යක්ෂක (සංචාරක) ක්‍රීශාන්ත බෝපගේ මහතා සහ සංචාරක ක්ෂත්‍රෙය් නියැලෙන පිරිසක් සහභාගිවි සිටියහ.

උතුරු මැද පළාතේ ජනතාවගේ මුදල් අවභාවිතා කරමින් සිදුකර ඇති කටයුත්ත සම්බන්ධයෙන් මුල්ම අනාවරණය මව්බිම පුවත් පත මගින් සිදුකළ අතර එහි පරික්ෂණ කටයුතු යටගැසි ඇති බව මව්බිම වැඩිදුරටත් අනාවරණය කළේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts