කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට මානසික හෝ ස්නායු රෝග ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් එම පර්යේෂණය සිදු කර ඇත්තේ අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 05 කට අධික සංඛ්‍යාවකගේ වෛද්‍ය වාර්තා අධ්‍යයනය කිරීමෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කොරෝනා වෛරසය ආසාදනය වූවන් සම්බන්ධයෙන් කළ පර්යේෂණවලදී ඔවුන්ට විශාදය, මානසික අවපීඩනය, මොළයේ රක්තපාත ආඝාතය සහ විවිධ ස්නායු රෝග වැළඳීමේ වැඩි හැකියාවක් ඇති බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.