lockdown news today

කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක අධි අවදානම් දිස්ත්‍රික්ක බවට පත්ව තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර තිබේ.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ එම දිස්ත්‍රික්කවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ය.

“ලංකාවේ මේ මොහොතේ තිබෙන තත්ත්වය ඉතාම අවදානම්. බස්නාහිර සහ වයඹ පළාතේ ඇතැම් ස්ථාන වගේම ලංකාවේ වෙනත් ප්‍රදේශවලත් කොවිඩ් පොකුරු වර්ධනය වෙමින් ආසාදිතයින් සීඝ්‍රයෙන් වාර්තා වෙමින් පවතිනවා. මේ සති අන්තයේ ඉතාමත් වගකීමෙන් කටයුතු කරන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අපි අපේක්ෂා කළා යම් තරමක හෝ සංචරණ සීමා පනවයි කියලා. නමුත් එම තත්ත්වයක් මේ වන තුරු පෙනෙන්නට නෑ. මේ ත්ත්වය යටතේ මහජනතාවට 100ට සියක්ම වගකීම පැවරෙනවා ජීවිත සහ සෞඛ්‍ය ආරක්ෂාකර ගැනීමට”.

Similar Posts