කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා ඉවත් කිරීම හේතුවෙන් දැඩි කතාබහට ලක්ව ඇති පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ සිදුකළ අහඹු පී.සී.ආර් පරීක්ෂණ 95කින් 72ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ තාක්ෂණික කණ්ඩායමක් අද උදෑසන පිළියන්දල සහ කැස්බෑව වෙත ගොස් එම ප්‍රදේශ යලි හුදකලා කිරීමට අවශ්‍ය දැයි පරික්ෂා කර සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වෙත කරුණු වාර්තා කිරීමට නියමිතය.
මෙවැනි දැඩි අවදානම් පසුබිමක් තුළ පිළියන්ද පොලිස් බල ප්‍රදේශයට පැනවූ සංචරණ සීමා ඉවත් කිරීමට බලපෑම් කළ බවට කැස්බෑව ආසනය නියෝජනය කරන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාටයි.
ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ පිලියන්දල වසා දමන විට ප්‍රදේශයේ කිසිවකු ඒ ගැන නොදැන සිටි බවත් ඒ අනුව යම් ලිහිල් කිරීමක් කල හැකි දැයි තමන් අදාළ අංශවලින් ඉල්ලා සිටි බවත්ය.
රට තුළ දැඩි කොවිඩ් අවදානමක් පවතින අවස්ථාවක එය දේශපාලකයින්ට පිස්සු නැටීමට ඉඩ හැරීම වැරදි ක්‍රියාවක් බවත් මෙවැනි තීරණ ගත යුත්තේ සෞඛ්‍ය අංශ බවත් ප්‍රදේශයේ ජනතාව පවසති.