සෞභාග්‍යයේ දැක්මෙහි ඇතුළත් මාධ්‍ය ප්‍රතිපත්ති හා එහි ඉදිරි කටයුතු පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ යෝජනා මෙන්ම රජයේ සංවර්ධන ක්‍රියාදාමයන් සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ.

මාධ්‍ය ලේකම් සංසදයේ ඉල්ලීම පරිදි එම සාකච්ඡාව පවත්වා ඇත.

සෞභාග්‍යයේ දැක්ම ඔස්සේ මාධ්‍යවේදීන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් වන කරුණු මෙන්ම ඔවුන්ට පවතින ගැටළු කෙරෙහිද මෙහිදී අවධානය යොමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

එම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී.විජේවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි, මාධ්‍ය ලේකම් සංසදයේ සභාපති අග්‍රමාත්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත්, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක, මාධ්‍ය ලේකම් සංසදයේ ලේකම් නිමල් වීරතුංග, එහි ජාතික සංවිධායක ප්‍රදීප් අනුර කුමාර යන මහත්වරුන් ඇතුළු මාධ්‍ය ලේකම්වරු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

keliya

Similar Posts