නිරෝධායන නීති කඩ කිරීම මත විශේෂයෙන්ම මුහුණු ආවරණ නොපැලදීම මත පුද්ගලයින් කුදලගෙන යෑම වැරදි බව හිටපු මානව හිමිකම් කොමසාරිස් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පෙන්වා දෙයි.
ප්රජාතන්ත්රවාදී රටක ජනතාවට නිදහසේ සැරිසැරීමේ (free movement) අයිතියක් තිබෙන බව පෙන්වා දෙන මහානාමහේවා මහතා නිරෝධායන නීති කඩන්නන් දැනුවත් කොට අවම පොලිස් බලය යොදා රැගෙන යාම නිවැරදි ක්‍රමවේදය බවද පෙන්වා දෙයි.
නිරෝධායන නීති රීති පිළිබඳව මේ වන විට උවමනාවටත් වඩා ජනතාව දැනුවත් කොට තිබෙන මුත් ඇතමුන් එය පිලිනොපැදීම ජනතාවගේ වරදක් වුවත් ඒ හේතුව මත පොලිසිය ජනතාව කුදලාගෙන යෑමට පියවර ගෙන තිබීම ශිෂ්ට සම්පන්න නොවන බවද මහානාමහේවා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙසේ පොලිසිය කුදලගෙන යන සැකකරුවන් පැය 24 ක් ඇතුළත අධිකරණයකට ඉදිරිපත් කළ යුතු බවත් පවතින වසංගත තත්වය හමුවේ පොලිසිය ඔවුන් බොහෝ දෙනෙකුට ඇප ලබාදී හෝ අවවාද කොට මුදා හරින බව තමන්ට දැනගන්නට ලැබී තිබෙන බවද මහානාමහේවා මහතා සඳහන් කරයි.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ නිරෝධායන නීති රීති කඩන්නම්ව පොලිසිය විසින් කුදලාගෙන යන අයුරු රූපවාහිනි ප්රවෘත්ති වල මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල දක්නට ලැබෙන අතර ඒ සම්බන්ධයෙන් විවිධ විවේචනද මේ වන විට එල්ල වෙමින් තිබේ.