සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාඹුලගේ දිනිත් මෙලන් නොහොත් ඌරුජුවා දැඩිගමුවේ දි පොලිස් වෙඩි පහරින් මියගිය බව පොලිසිය පවසයි.

මරණය ට පත්වී ඇති පුද්ගලයා මිනීමැරුම්, පැහැරගෙන යෑම්, කප්පම් ගැනීම් වැනි අපරාධවලට අවශ්‍යව සිටි කෙනෙකි.

බන්ධ­නා­ගා­රය තමාගේ ආර­ක්ෂක බළ­කො­ටුව බවට පත් කර­ගත් ඌරු ජුවා කඩු­වෙල පැත්තේ ඇතැම් සමා­ග­ම්වල නිෂ්පා­දන කට­යුතු වලට පවා බාධා එල්ල කෙළේය. ඌරු ජුවාට බන්ධ­නා­ගා­ර­යෙන් පිටත ගෝල­බා­ලයෝ රොත්තක්ම සිටිති. එම ගෝල­ය­න්ගෙන් වැඩි දෙනෙක් වයස අවු­රුදු විස්සේ තිහේ තරු­ණ­යෝය.

ඒ අය අතර මෑත කාලයේ සාමාන්‍ය පෙළ දක්වාම අධ්‍යා­ප­නය ලැබූ තරු­ණ­යෝද සිටිති. එම තරු­ණ­යන් උසස් අධ්‍යා­ප­න­යක් ලබා රටට බරක් නැති රැකි­යා­වක නිරත වෙනවා වෙනු­වට තෝරා­ගෙන ඇත්තේ ඌරු ජුවාය.

ඒ ඔහු කප්ප­ම්ව­ලින් උප­යා­ගන්නා මුද­ල්ව­ලින් සැල­කිය යුතු ප්‍රමා­ණ­යක් සිය ගෝල­බා­ල­යන් නඩත්තු කිිිරී­මට වැය කරන නිසාය. සිය ගෝල­යන්ට ඔහු කම්සැ­පද දෙන්නේ සුරූපී තරු­ණි­යන් යොදා­ගෙ­නය. රාත්‍රී සමාජ ශාලා­වල සැරි­ස­රන ඔවුන් හිතන්නේ තමන්ගේ ලෝකය එය බවය.

ඌරු ජුවා සිය පාතාල අධි­රාජ්‍ය ගොඩ­න­ඟන්නේ දැඩි­ග­මුව කේන්ද්‍ර­ක­ර­ගෙ­නය. ජුවා සිහින මවන්නේ පාතා­ලයේ ගෝඩ් ෆාදර් වන්න­ටය. ඔහු කණ්ඩා­ය­මක් නඩත්තු කරන්නේ ඒ අර­මු­ණෙනි. එම ගෝල­යන් රැක­බ­ලා­ග­න්නට මුදල් උව­ම­නාය. ඉවක් බවක් නැතිව ඔහු කප්පම් ගැනී­මට පෙල­ඹන්නේ ඒ නිසාය.

ජුවාගේ කප්පම් ගැනි­ල්ලට මුලින්ම එරෙහි වන්නේ නව­ග­මුව පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාව සිටි අහං­ගම පොලි­සියේ  ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මංජු­ලද සිල්වාය. මංජුල සිල්වාට ඌරු ජුවා­ගෙන් මරණ තර්ජන පවා එල්ල විය . ඒ බන්ධා­න­ගා­රයේ සිට ජංගම දුර­ක­ත­න­ය­කිනි. ජුවාගේ තර්ජ­න­ව­ලට ඔහු බිය වූයේ නැත. විශේෂ කාර්ය බළ­කායේ පාතාල මර්දන ඒක­කයේ පවා සේවයේ කර ඇති මුංජුල ද සිල්වා, ජුවාගේ කප්පම් වලට නව­ග­මුවේ නැව­තීමේ තිත තැබු­වේය. මංජු­ලද සිල්වා නව­ග­මු­වෙන් අහං­ග­මට ස්ථාන මාරුව ලැබී­මත් සමඟ නැව­තත් ඌරු ජුවා නව­ග­මුවේ පාතාල බලය ඇල්ලු­වේය. ඒ වන විට ඔහුගේ පාතාල බලය හංවැල්ල දක්වාම ව්‍යාප්තව පැව­තිණි. ජුවාට කප්පම් ගෙව­න්නට බැරිව වෙළෙ­ඳ­සල් වසා දැමූ­වන් වැඩි­යෙන්ම සිටින බව කියන්නේ හංවැල්ල පැත්තේය. ව්‍යාපා­රි­ක­යන් කිහිප දෙනෙ­කුම ජුවාට බියෙන් ගේදොර පවා අත­හැර ගොසිනි.

ඌරු ජුවාගේ කප්ප­මෙන් කැලණි මිටි­යා­වතේ ව්‍යාපා­රි­ක­යන් බේරා­ගැ­නී­මට නිර­න්තර පොලිස් මෙහෙ­යුම් ක්‍රියා­ත්මක වුවත් ඒ මෙහෙ­යුම් පසු­ගිය කාලය පුරා­ව­ටම පැවැ­තියේ අසං­වි­ධා­නා­ත්ම­ක­වය.

ජුවාගේ කල්ලියේ කිසිදු මර්ද­න­යක් සිදු නොවූ­යෙන් කප්පම් ගැනි­ල්ලට නැව­තීමේ තිත තැබුණේ නැත.

 

Similar Posts