යුද හමුදාවට අයත් යතුරුපැදියකින් යමින් සිටි හමුදා සෙබළුන් දෙදෙනකු කහතුඩුව කෝරළඉම ප්රදේශයේදී දුරකථන කණුවක සහ මාර්ග සංඥා කණුවක ගැටීමෙන් පැදිකරු මියගොස් පසු පැදි කරු තුවාල ලබා රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය පැවසීය.
අනතුරින් මියගොස් ඇත්තේ පනාගොඩ යුද යුද හමුදා කඳවුරට අනුයුක්තව ඉංජිනේරු බලකායේ සේවය කරන මොරොන්තොට, ගොඩිගමුව ප්රදේශයේ පදිංචි කේ.ඒ.ආර් සඳරුවන් යන (23) හැවිරිදි තරුණයෙක් බවද පොලිසිය පැවැසීය.
ලිපියකට අත්සන් ගැනීම සඳහා යුදහමුදා උසස් නිලධාරියකුගේ නිවසකට යමින් සිටියදී ගෝනපල දෙස සිට කහතුඩුව දෙසට යතුරුපැදිය ධාවනය කිරීමේදී එකවරම මාර්ගයෙන් වම් පසට ඇදී ගොස් එකිනෙක ආසන්න තිබූ දුරකථන සහ බස් නැවතුමක මාර්ග සංඥා කනුවේ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසයි.
අනතුර සිදු වීමත් සමඟම එම ස්ථානයට පැමිණි ප්රදේශවාසීන් බරපතළ තුවාල ලබා සිටි සෙබලුන් දෙදෙනා වෑතර දිසා රෝහලට රැගෙන යාමේදී පැදිකරු මියගොස් තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
පැදි කරුගේ හිසෙහි වම් පස මුහුණ ආදී ප්රදේශ වලට බරපතළ තුවාල සිදුවී තිබූ බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
හමුදා සෙබලු දෙදෙනා ගමන්ගත් යතුරුපැදිය ගැටීමෙන් මාර්ග සංඥා කණුව දෙකටම නැවි ඇති අතර යතුරු පැදියේ ඉදිරිපස කොටස් වලට බරපතළ අලාභ හානී සිදු වී ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය .
කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්රමරත්න මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් සැරයන් (13428) පි කේ.ජේ.සම්පත් පොලිස් සැරයන් (16113) කේ.පි.එස්.පි. සමරනායක .පොලිස් කොස්තාපල් වරුන් වන (73162) ඒ.ඒ.එන් ලක්මාල් ,(40537) ආර්.චතුරංග මහත්වරු පරීක්ෂණ පවත්වයි
සමීර අබේසිංහ – බොරලැස්ගමුව