id

ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන රීති නොසලකා හරිමින් කටයුතු කළ 223ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.

ඊයේ (17) හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කර සංචරණ සීමා කඩ කරමින් ගමන් කළ 141ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නිරෝධායනය රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 10,073ක් දක්වා ඉහළගොස් ඇත.

ගෙවුණු දිනයේ (17) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,456 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 145,202ක් දක්වා ඉහළ ගියේ ය.

ඒ අතරින් ආසාදිතයින් 23 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි දේශීය පුද්ගලයින් අතරිනි.

ඉතිරි ආසාදිතයින් පිරිස දිවයිනේ දිස්ත්‍රික්ක 23 කින් හඳුනා ගෙන තිබේ.

ලක්සල සහ සළුසල සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා වයිරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත වී ඇත.

Similar Posts