පවතින අවශ්‍යතාවය අනුව සෞඛ්‍ය කටයුතු පහසු කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ඉදිරියේ දී කඩිනමින් දියත් කිරීමට අපේක්ෂා කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැති කොරෝනා මර්ධනය, පාලනය සහ එන්නත් කරණය සම්බන්ධ විශේෂ සාකච්ඡාවකට සහභාගි වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අංශ මගින් නිර්දේශ කරන සියලු පුරවැසියන්ට කඩිනමින් එන්නත්කරණය සිදුකරන බවත් ඒ සඳහා අවශ්‍ය වැක්සීන එන්නත් ඇණවුම් කොට ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එන්නත් නිෂ්පාදනය සිදුකරන චීනය, ඉන්දියාව වැනි රටවල පවා විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇති අවස්ථාවක ශ්‍රී ලංකාව වැනි රටකට එන්නත් ලබා ගැනීමට හැකි වීම විශාල ජයග්‍රහණයක් යැයි ද අමාත්‍යවරයා කීවේය.
සෞඛ්‍යමය කාරණය රජය විසින් කඩිනමින් සිදු කළත් වෛරසයෙන් ආරක්ෂාවීමේ පරම වගකීම පුරවැසියන් විසින් ඉටු කර ගත යුතු යැයි පෙන්වා දුන් අමාත්‍යවරයා, රෝගය පාලනය වන තුරු රජයේ නීතිරීති සහ සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට යටත්වීම වඩා උචිත යැයි ද පෙන්වා දුන්නේය.
චීනයෙන් හිමිවූ වැක්සීන් ඉදිරි සතියේදී මහනුවර පුරවැසියන්ට එන්නත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන් ඇතුලු මැති ඇමතිවරුන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
නදීක දයා බණ්ඩාර – මහනුවර