coronadeath

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නව මරණ කොවිඩ් 19 ආසාදිත මරණ පිළිබඳ වාර්තාව ඊයේ (27) රාත්‍රියේ ද නිකුත් කළා.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තහවුරු කිරීම යටතේ.

මේ අතර මෙම නව මරණ 27ට ඇතුලත් වී ඇති 07 දෙනෙකුම මරණයට පත්ව ඇත්තේ නිවෙස් තුළ දී යි.

එමෙන්ම තවත් 04 දෙනෙකු මරණයට පත් වී ඇත්තේ රෝහළට ඇතුළත් කරන අවස්ථාවේ දී යි.

මේ අනුව ඊයේ (27) දින දී කොවිඩ් මරණ ලෙස තහවුරු වූ 11 දෙනෙකුම වෛද්‍ය ප්‍රතිකාර නොලබා මරණයට පත්ව ඇති බව පැහැදිළි වෙයි.

කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 790 දෙනෙක් අද (27) දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු ආසාදිත සංඛ්‍යාව 2,572 කි.

ඒ අනුව මෙරටින් වාරතා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 174,849කි.

සංචරණ නීති කඩ කරමින් ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 829 ඉකුත් විසි හතර පැයේ  අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

දිනකදි වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කියයි.

Similar Posts