කොවිඩ් වසංගතයේ නව රැල්ලක මතුවීමක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ විද්‍යාඥයන් පිරිසක් එරට රජයට අනතුරු අඟවා තිබේ.
සැලකිය යුතු තරමින් වර්ධනයක් පෙන්නුම් නොකළද, පසුගිය දින කිහිපයේ වාර්තා වූ රෝගීන්ගෙන් කොවිඩ් වයිරසයේ ඉන්දීය ප්‍රභේදයක් දක්නට ලැබෙන බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන රවී ගුප්තා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව මේ මස 21වැනිදා එංගලන්තයේ කොවිඩ් නීතිරෙගුලාසි ඉවත් කිරීමේ තීරණය කල් දමන ලෙස මහාචාර්යවරයා රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.