නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 117 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 4283 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මෙම ආසාදිතයන් අඹගමුව, ලිදුල, බගවන්තලාව, හගුරන්කෙත, නුවරඑළිය යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් හමුව ඇති බවත් මෙම ආසාදිතයන් අතරින් ආසාදිතයන් 2366 දෙනකුම මැයි මස 01වන දින සිට 31වන දින දක්වා කාලය තුලදි හමුව ඇති බවද එම නිලධාරියා පවසන ලදි.
මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ලගම ආශ්‍රිතයන් ලෙස 220ක පමන පිරිසක් හදුනා ගෙන ඇති බවත් එම පිරිස සොයා ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට මෙම දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත මරණ 49 දක්වා ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
ලිදුල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය මගින් පාලනය වන ශා/කුම්බස් වතුයායෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් 16 දෙනකු 01වන දින සවස හදුනා ගැනිමත් සමග තලවාකැලේ තේ පරික්ෂණාගාරය (T. R.I. ) වසා දැමිමට උපදෙස් දුන් බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය කාර්යායේ නිලධාරියකු පවසන ලදි.
මෙයට පෙර මෙම වතුයායෙන් හා තලවාකැලේ තේ පරික්ෂනාගාරයෙන් (T.R.I) කොවිඩ් ආසාදිතයන් හමු විමත් සමග එම ආයතනය වසා දමා එහි සේවක පිරිස් හා ශා/කුම්බස් වතුයායේ 140 දෙනකු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු ශා/කුම්බස් වතුයායේ ඉහල කොටසින් ආසාදිතයන් 09 දෙනකු හා ශා/ කුම්බස් වතුයායේ පහල කොටසින් ආසාදිතයන් 07 හමුව ඇති බව එම නිලධාරියා පවසන ලදි.
මෙම තත්වයන් මත තලවාකැලේ තේ පරික්ෂනාගාරය තව දුරටත් වසා දැමිමිට උපදෙස් දි ඇති බවත් අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 02වන දින කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්ථා විමත් සමග මෙම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත සමස්ථ මරණ සංඛ්‍යාව 14 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
වයස අවුරුදු 62 හා 63 වයස්වල කාන්තාවක් හා පිරිමි පුද්ගලයකු මෙසේ කොවිඩ් 19 ආසාදනය විමෙන් මිය ගොස් ඇති බවත් මෙම දෙදෙනා හැටන් කුඩාගම හා හැටන් ගාමිණි පුර පදිංචිකරුවන් බවද එම නිලධාරියා පවසන ලදි.
කොවිඩ් ආසාදනය විමෙන් මිය ගිය මෙම දෙදෙනාගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් මොරහේන ගම පුද්ගලික ඇගලුම් කම්හලේ සේවිකාවන් 39 දෙනකු කොවිඩ් 19 ආසාදිතයන් බවට හදුනා ගැනිමත් සමග එම ඇගලුම් කම්හල තාවකාලිකව වසා දැමිමට උපදෙස් ලබා දුන් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියක් පවසන ලදි.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙයට පෙර මෙම ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිත සේවිකාවන් 04 දෙනකු හමුවු බවත් එම අයගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගත් 40 දෙනකු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු එයින් 39 දෙනකු ආසාදිතයන් බවට හෙලිව ඇති බවත්ය.
එම තත්වයන් මත මේ වන විට මෙම ඇගලුම් කම්හල තාවකාලිකව වසා දැමිමට උපදෙස්දි ඇති බවත් මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ලගම ආහ්රිතයන් 60 දෙනකු මේ වන විට හදුනා ගෙන ඇති බවත් එම පිරිසද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්