මේ වන විට රට පුරා ක්‍රියාත්මක වන සංචරණ සීමා ජුනි 14 වනදා අලුයම 4.00 තෙක් දීර්ඝ කර තිබෙනවා. මීට පෙර තීරණය කර තිබුනේ දැනට පවතින සංචරණ සීමා එළඹෙන 07 වනදා අලුයම 04.00 ට ඉවත් කිරීමටයි.
ඒ, සම්බන්ධයෙන් කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කරුණු දැක්වූයේ මෙලෙසයි.