අනුරාධපුර නගරය පුරා නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදන කර අලවිකිරිමේ මහපරිමාන භූගත ස්කාගාරයක් පවත්වාගෙන ගිය බචෝ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයාගේ අනියම් බිරියගේ නිවස වටලා නීතිවිරෝධි කසිප්පු ඇතුළු උපකරන තොගයක් අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොට්ඨාශ බුද්ධි අංශයේ නිලධාරියෙකුට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (15දා)අනුරාධපුර පොලිස් වසමේ සාලියපුර බණ්ඩාරපුලියන්කුලම විශ්ව විද්යාල භූමියට යාබදව පිහිටි නිවස වටලා ගෝඩා මිලිලීටර් දසලක්ෂ දසදහසක් කසිප්පු ස්ප්රීතු ඩ්රෑම්ස් 400ක් ලීටර් 500යේ වතුර ටැංකි දෙකක් ගෑස් ලිපක් තඹ දගර බැරල් හා බූලී ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබුණි.
අදලා නිවසේ කාමරයක ලීටර් පන්සියය බැගින්වූ වතුර ටැංකි දෙකක් වලදමා ඊට උඩින් නිදන ඇදන් තබා තිබූ බවත් එම කමරයේ කොන්ක්රීට් බිද ඒවා පිටතට ගත් බව පොලිසිය පවසයි.
සැකකාර බචෝ නැමත්තා ඉතා සූක්ෂමව අනියම් බිරිදගේ නිවසේ ස්කාගාරය සකසා තිබූ බවත් පිටත ටැංකියකින් ජලය ලබාගෙන පසුව නිවසේ මුළුතැන්ගෙයි ගෝඩා නිෂ්පාදනය කර කසිප්පු ස්ප්රීතූ සැකසීම සිදුකරනා බව පොලිසිය තහවුරු කරගෙන තිබුණි.
පෙරාගන්නා කිසිප්පු ස්ප්රීතූ නළ මගින් භූගත ටැංකි වලට සපයා පසුව කසිප්පු සකසා තිබෙන බවත් එම කසිප්පු අනුරාධපුර නගරයේ පිහිටි සෑම ස්ථානයකටම සපයා තිබෙන බව පොලිසිය පවසයි.ස්කාගාරය වැටලිමෙන් පසුව පැය තුනකට අධික කාලයක් අදාල ස්ථානයේ භූගත කර තිබූ නඩු භාණ්ඩ පිටතට ගැනීමට වෙහෙසවීමට පොලිසියට සිදුව තිබුණි.
අත්අඩංගුවටගත් 55 හැවරදි බචෝ නැමත්තා වසර ගණනාවක් තිස්සේ නීතිවිරෝධි ජාවාරම්වල නිරතවීම නිසා අවස්ථා ගණනාවකදීම පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත සිටි අයෙකු බව පොලිසිය පවසයි.
අනුරාධපුර කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙස්මත කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක බණ්ඩාර විජේකෝන් පොලිස් සැරයන් 48317 බණ්ඩාර පොලිස් කොස්තාපල්වරුන් වන 66934 රාජරත්න 29941 මධුසංඛ 36442 තිලකරත්න යන නිලධාරින් වැටලීම සිදුකර තිබුණි.
අනුරාධපුර – මහේෂ් විජේසූරිය