Similar Posts
කොලොම්බියාවට ප්‍රබල භූ කම්පන
කොලොම්බියාවට ප්‍රබල භූමි කම්පා දෙකකින් බලපෑම් එල්ල වී ඇත. සුනාමි අවදානමක් නොමැති බවයි එරට සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ. මධ්‍යම කොලොම්බියාවේ බොගෝටා අගනගරය ආශ්‍රිතව රිච්ටර් පරිමාණයේ ඒකක හයක් සහ පහයි දශම අටක්වූ භූකම්පන දෙකක් හටගෙන තිබුණි. භූකම්පන දෙකේම අපකේන්ද්‍රය එකිනෙකට සමීපයේ පිහිටා තිබූ බවයි එරට වාර්තා සඳහන් කළේ.
ලෝකයේ ලොකුම කොවිඩ් රෝහල ඉන්දියාවේ
කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඉදි වුණු ලොව විශාලතම රෝහල ලෙස සැලකෙන සර්දාර් පටෙල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉන්දියාවේ දිල්ලි නුවර දී විවෘත විය. මෙම මධ්‍යස්ථානය තුළ රෝගීන් 10,000කට එකවර ප්‍රතිකාර කළ හැකි බව සඳහන් වේ. දිල්ලියෙහි මෙවැනි රෝහලක් ඉදි කිරීමට සිදු වූයේ එම ප්‍රාන්තය තුළ කොවිඩ් වසංගතය ඉතා වේගයෙන් පැතිරෙමින් ඇති පසුබිම තුළය.
දෝෂාභියෝගයෙන් ට්‍රම්ප්ට පරාජය
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ සම්මත වුණි. ට්‍රම්ප් ජනාධිපති ධුරයේ ඉදිරියටත් කටයුතු කරනවාද යන්න තීරණය කිරීම සඳහා ඉදිරියේදී සෙනෙට් සභා නඩු විභාගයක් පැවැත්වීමට නියමිතයි. මෙය තම දේශයේ අඳුරුතම හා ලජ්ජාසහගත පරිච්ඡේදයක් සනිටුහන් කළ බව පවසමින් ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කර තිබුණි.
උතුරු ඉන්දියානු මුහුද ආසන්නයේ මිසයිල අත්හදා බැලිමක්
ඉරානය සිය නාවික යුධ අභ්‍යාසයක් අතර වාරයේදී කෘස් මිසයිලයක් උතුරු ඉන්දියන් සාගරය සහ ඕමාන් බොක්ක ආශ්‍රිතව අත්හදා බලා තිබෙනවා. ගොඩබිම සිට එල්ල කරන ලද මිසයිලයෙන් මුහුදේ ඇති නෞකාවක් විනාශ කරන අයුරු රැගත් වීඩියෝවක් එරට IRNA රූපවාහිනි සේවය මගින් විකාශය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. මෙය ඉරානය විසින් අමෙරිකාවට සිදුකළ අනතුරු ඇඟවීමක් බවයි යුධ…
බෝයිං මැක්ස් ගුවන් යානා යකා නටයි
බෝයිං 737 මැක්ස් වර්ගයේ නව ගුවන් යානා වල ඉන්ධන ටැංකි තුලින් සුන්බුන් කොටස් හමුවී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් මාරාන්තික අනතුරු සිදු වන බෝයිං 737 වර්ගයේ ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් යළිත් ගැටළුකාරී තත්ත්වයක් උද්ගතවී තිබේ. අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කරන බවත් නිෂ්පාදන පද්ධතිය වහා නිවැරදි කිරීමට පියවර ගන්නා බවත් බෝයිං සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන්.