aurwedaya

ආයුර්වේදය කියන්නේ සාමාන්‍ය දැනුම් පථයක ඉඳලා දාර්ශනික චින්තාවක් දක්වා පුළුල් බුද්ධි පාරාසයක් දක්වා පැතිරුණු විෂය පථයක්.ආයුර්වේදය කියන්නේ ඉන්දියාවේ වෙදකම කියල හිතන මොන්ටිසෝරි සෙට් එකක් දැන් ඉන්නවා.මේ අය පොත පත කියවල නැහැ.

මේ බුද්ධිහීන බකපඬියො හැමතිස්සෙම හිතන්නේ ළිං මැඩියෝ වගේ. උන් බක බක ගාන කොට ඒවා අපි පිළිගන්න ඕනේ කියල උන් හිතනවා. ඒ වුණාට කිසිම මතයක් සාක්ෂියක් ඉදිරිපත් නොකර වැල්වටාරම් කියා කියා වටේ දුවනවා අන්තිමේ රෙදි නැතුව ගිහින් ෆේස් බුක් වලින් නින්දා අපහාස කරනවා. ඒ තමයි උන්ගේ නිවටකම.

ළිං මැඩියන් ළිඳෙන් එපිට ලෝකයත් ළිඳ තමයි කියල හිතාගෙන ඉන්නෙ.

ආයුර්වේදය කියන්නේ “ආයුෂ හෙවත් ජීවිතය පිළිබඳ විද්‍යාව”. එතන වේදය කියන්නේ විශිෂ්ට දැනුම. විද්‍යාව කියන වචනයට වඩා වේදය කියන වචනය පරණයි. ඒකට හොඳ ඓතිහාසික වගේම සාහිත්‍යමය හා ශාස්ත්‍රීය පදනමක් තියෙනවා. වේදය කියල තිබුණ කියල ඒක ඉන්දියාවට විතරක් අයිති වෙන්නේ නැහැ.

අනික ඉන්දියාව ඇතිවෙන්න ඉස්සෙල්ල ආර්යාවර්තය, භාරතය වැනි නම් වලින් හැඳින්වූ විශාල ප්‍රදේශයක් මේ දකුණු ආසියානු භූමිය තුළ තිබුණ. මීට අවුරුදු 8000 ක් දක්වා ලංකාව කියන්නේ ඉන්දියානු භූමියේ කොටසක්. ඒ හින්ද අපි ඉන්දියානු ශිෂ්ටාචාරයේ බලපෑමෙන් නිදහස් වෙච්ච අමුතු රටක් ලෙස පැවතුණේ නැහැ.ඔය කියන අමුතු රට තියෙන්නේ මෝඩ පඬියන්ගේ හීන වල විතරයි. ඒ විතරක් නොවෙයි දිවයිනක් හැටියට ලෝකයේ බොහෝ රටවල සංස්කෘතීන් අපේ රටේ චින්තන සම්ප්‍රදායට බලපෑව. ඉතිහාසය නොදන්නා උන්ට වඩා භයානකයි ඉතිහාසය ව්කෘති කරන ඔය බක පඬි සෙට් එක.

උන් පෙන්නන්න හදන්නේ මේ රටෙන් තමයි ලෝකෙට ඔක්කොම ගියේ කියල.ඕකට කියන්නේ “අපේ අම්මා අම්මා තොපේ අම්මා සුම්මා න්‍යාය” කියලා. ඒවට අප්පුඩි ගහන උන් ගේ පස්ස එළියේ.

වෛද්‍ය ක්‍රමයකට දෙන්න පුළුවන් ඉතාම පුළුල්, පැහැදිලි හා සාධාරණ නිර්වචනය තියන්නේ ආයුර්වේදය තුළ. “ආයුෂය දීර්ඝ කරන විශිෂ්ට දැනුම” දැනුම යන තේරුම සහිතව මිනිසුන් ගේ ආයුෂය සුඛායු, දුක්ඛායු, හිතායු, අහිතායු කියල ප්‍රභේද හතරකට බෙදනවා. ඒ සියුම් බෙදීම හරහා අපිට තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට තමන්ගේ ජීවිතය ගොඩනගන්න ඕනේ හොඳම ආකෘතිය තමයි සුඛායු-හිතායු ආකෘතිය කියල. තමන්ට සුවය දෙන අනුන්ට යහපත දෙන ජීවිතය තමයි එහි අන්තර්ගතය.

ඒක තියෙන්නේ ආයුර්වේද පොතේ කියල ඒකට පයින් ගහන එකා උපන් ගෙයි මෝඩයෙක්,ගොබ්බයෙක්. ඒ හින්ද පාරම්පරික වෙදකම ඉගෙන ගන්න ශිෂ්‍යයින්ට ආයුර්වේද මූලධර්ම ඉගෙන ගන්න එපා ඒ පොත පත කියවන්න එපා කියල උපදෙස් දෙන ගුරුවරු ඉන්නවා නම් උන් කිසිම චාරයක් නැති,වැදගත් විදිහටම කියනවා නම් “ද්විපාද මහිෂ” ගණයට අයිති බව ඒකාන්ත වශයෙන්ම කිව යුතුයි.

අපේ වෙදපොත් වල ආරම්භයේ තියෙනවා “ත්‍රිංශත් භිෂජාංගය” කියල එකක්. ඒ කියන්නේ අංග සම්පූර්ණ වෛද්‍යවරයෙක් වෙන්න දැනගත යුතු අංග තිහක් ගැන තමයි එහි තියෙන්නේ. ඒවා කියවල තියෙන ඉගෙන ගෙන තියෙන නියම වෙදමහතුන් ආයුර්වේදය ඉන්දියාවේ,ඒක රටින් ගෙනාපු ‘ඉම්පෝටඩ්” එකක් කියල හිතුවේ නැහැ.

ඔවුන් ඉතා හොඳින් ඒ “ත්‍රිංශත් භිෂජාංගය” හදාරලා තමන්ගේ වෙදකමට අවශ්‍ය නිපුණතාව හා කුසලතාව වැඩි දියුණු කරගත්ත. ඒ දැනුම ආවේ කොහෙන්ද මොන පොතෙන්ද කාගෙන්ද කියල ඒවාට අවමන් කරමින් ඒවා හෙළා දකිමින් හිස උදුම්මවා ගෙන පම්පෝරි කිව්වේ නැහැ.

දැන් අළුතෙන් කරළියට ඇවිත් ඉන්න බාග වෙද්දු අපිට අභියෝග කරන්නේ තෛයියෝරු තෙල හිඳින හැටි, බාලයින් ගේ යක්ෂ දෝෂ වලට පිළියම්, වගේ සිල්ලර ප්‍රශ්න වලින්. අපේ රටේ සාමාන්‍ය ජනතාව අතරේ භාවිතා වුණු ජන වෙදකමින් ඇහිඳ ගත්ත දැනුම විතරයි උන්ගේ අතේ තියෙන්නේ අනිත් උන්ට උජාරුවට පෙන්නන්න. එතකොට ඔය වගේ මෝඩ උඩඟු බවක් මතුවෙනවා.
වෛද්‍යාලංකාරය කියන කුඩා පොතේ මෙහෙම ශ්ලෝකයක් තියෙනව.

වෛද්‍ය ස්‍යාද්ගුරු සන්නිධාය කුසලඃ පීයුෂපාණී ශුචිර්
දක්ෂඃ කාලබලෝ වයෞෂධගතිර් ඥානෝදයඃ ශාස්ත්‍රවිත්
ධීරන්තඃ කරණඃ ක්‍රියාෂු නිපුණඃ කාරුණ්ය ලෝකප්‍රභුර්
යුත්තෝ භූත නිමන්ත්‍ර යන්ත්‍ර චතුරෝ වාග්මී ප්‍රග්ලභා ශුචිඃ

මේ ශ්ලෝකේ තේරුම් ගත්ත වෙදමහත්තයෙක් දන්නවා කොහොමද තමන්ගේ දැනුම, කුසලතා, නිපුණතා සහ ආකල්ප වැඩි දියුණු කරගන්න ඕනේ කියල. “පීයුෂපාණී” කියන්නේ අමෘත හස්තය. ඒ කියන්නේ “අත්ගුණය”. අපේ වෙදකමේ තියෙන ඉතාම වැදගත් සංකල්පයක්. වෙදමහත්තයෙකු ගේ අත්ගුණය එන්නේ ඉබේටම නොවෙයි. තාත්ත සීය වෙදමහත්තයෙක් උනා කියල අත්ගුණය එන්නේ නැහැ. ඒක එන්නේ සතතාභ්‍යාසය හෙවත් දිගින් දිගටම කර්මාභ්‍යාසයේ නියැලීමෙන්. දැනපුරුද්ද, දැක පුරුද්ද, කළපුරුද්ද හා පළපුරුද්ද සම්පූර්ණ කලාට පස්සේ තමයි “කෘතහස්ත” කියන්නේ.

තමන්ගේ නම ඉස්සරහට අතනින් මෙතනින් අහුලා ගත්තු එක එක සම්මාන නම්බුනාම පට්ටම් එල්ල ගත්තට කෘතහස්ත වෙන්නේ නැහැ. ඒ කාලේ වෙදකම ඉගෙන ගන්න ගුරුවරයා ගේ සමීපයේ අවුරුදු දොලහක් විතර ගත කළා. දැන් වගේ සීය මළාට පස්සේ උන්දැගේ පරණ පොත් ටික පෙන්නලා සභාවට විරුද්ධව පෙත්සම් ලියල වෙද්දු වෙන්න ට්‍රයි කළේ නැහැ.

අන්තිමට එකක් කියන්න තියෙනවා. බ්‍රිතාන්‍ය පාලනය යටතේ එඩ්වඩ් මැකලම් ආණ්ඩුකාරය 1909 යටත් විජිතභාර මහලේකම්ට ලියුමක් යවනව “මේ රටේ හැම ගමකම අඩු වශයෙන් එක වෙදරාළ කෙනෙක් ඉන්නවා” කියල. මේක ඉතාම වැදගත් ප්‍රකාශයක්. බුද්ධදාස රජතුමා හැම ගම් දහයකටම වෛද්‍යවරයා බැගින් පත් කරපු ඒ ජාතික සෞඛ්‍ය සැලසුම 20 වැනි සියවසේ මුල් භාගය වෙන තෙක්ම තිබුණු බව එයින් පැහැදිලි වෙනවා. වෙද රාල කියන්නේ පැරණි ගම්වල අනිවාර්යෙන් දකින්න ලැබුණු සුවිශේෂ චරිතයක්.බ්‍රිතාන්‍ය පාලකයෝ මේ රටේ ඉංග්‍රීසි වෙදකම බව්තීස්ම කළේ ක්‍රිස්තියානි ආගමත් එක්ක.

ඒ නිසා යටපත් වුණු අපේ වෙදකම ගොඩගන්න එකතු වෙච්ච දේශීය වෛද්‍යවරු “ආයුර්වේද” කියන ධජය යටතේ සංවිධානය වුණේ. ඔවුන් එදා ඒක ඉන්දියානු අනන්‍යතාවක් දුන්නේ නැහැ. ඔවුන් දැනගෙන හිටිය මේ වචනයේ තියෙන බලවත් ශාස්ත්‍රීය උරුමය හා අර්ථාන්විත බව. නමුත් අපේ දේශීය වෛද්‍ය ක්‍රම ගණිකා වෘත්තියේ යොදවලා ජාවාරම් කරන සෙට් එක මේ වගේ”ලොරි ටෝක්”දෙන්නේ සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය වරු තලා පෙළා පැත්තකට කරලා උඩට මතු වෙන්න.ඒත් සමහර විට මෙරු කුරුල්ලනට වඩා ඉහළ ගියත් උන් කිසිම දවසක ආයිත් තමන්ගේ ගුල් වලට නොගිය බවත් මේ බක පඬියන් තේරුම් ගන්නවා නම් හොඳයි.

ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා

Similar Posts