පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් කොළඹ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව අසළ දී විරෝධතාවක් සංවිධානය කර තිබුණා.
පොලීසිය ක්‍රියා කළේ එයට සහභාගීවූවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට යි.මෙම පුද්ගලයින් පසුව රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.
නිරෝදායන ක්‍රියාවලියට රැගෙන යාමේ දී පිරිසක් එය ප්‍රතික්ෂේප කළ අතර එහි දී ඔවුන් බලහත්කාරයෙන් වෑන් රථයක් වෙත ඇතුළු කරන අයුරු දක්නට ලැබුණා.
මාධ්‍යවේදීන්ගේ කැමරාවන්හි සටහන් වූයේ එම පිරිස අතර සිටි කාන්තාවකට පොලිස් නිලධාරියෙකු විසින් පා පහරක් ද එල්ල කරන ආකාරය යි.
එමෙන්ම කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කාන්තා පොලිස් නිලධාරිනියන් සිටිය යුතු වුවත් එම ස්ථානයේ සිටියේ එක් නිලධාරිනියක් පමණයි.
පා පහර කෑ කාන්තාව රථය වෙත ඇතුළු කිරීමේ දී පොලිස් නිලධාරීන් රැසක් වටවී එම කටයුත්ත සිදු කරන අයුරුයි දක්නට ලැබුණේ.
(am) උපුටා ගැනීම
වෘත්තිය සමිති නායකයන් පෙන්වා දෙන්නේ කෝවිඩ් 19 නිරෝධායන නීතීයට මුවා වී මෙලෙස විරෝධතාවල නිරත වෘත්තීය සමිති හා දේශපාලන ක්‍රියාධරයන් මර්දනය කිරීම බරපතල ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක් බවයි.
“ජනතාවට උද්ඝෝෂණ කිරීමට සිදුව ඇත්තේ ආණ්ඩු ජනතා ගැටලූ විසඳීමට කටයුතු නොකිරීම නිසාය. උද්ඝෝෂණ සහ ජනතා අරගල නැවැත්වීමට අවශ්‍ය නම් ආණ්ඩුව කළ යුත්තේ එම ගැටලූ විසඳීමට කටයුතු කිරීමය. එසේ නොමැතිව ජනතා ගැටලූ දිනෙන් දින උත්සන්න වෙමින් පැවතියදී එම ගැටලූ විසඳීමට බලකරමින් උද්ඝෝෂණවල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ මර්දනකාරී පිළිවෙත කි‍්‍රයාවට නැගීමකි.”
මෙම මර්දනකාරී තත්වය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ශී‍්‍ර ලංකා ජාතික විදුහල්පති සංගමය, පුහුණු හා විද්‍යාපීඨ උපාධිධාරී ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ලංකා ප්‍රගති ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය, ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවට අවධාරණය කර ඇත්තේ කොවිඩ් 19 නිරෝධායන නීතීන්ට මුවා වී ජනතාවගේ විරෝධය පෑමේ හා උද්ඝෝෂණය කිරීමේ අයිතිය උල්ලංඝණය නොකරන ලෙසත්, උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කිරීමේ ප්රජාතන්ත්ර විරෝධී නියමයන් වහා අකුලා ගන්නා ලෙසත්ය.