විසල් මහනුවර සංවර්ධිත නව සැලැස්ම අනුව දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දිනා ගත හැකි ස්ථානයක් බවට මහනුවර නගරය පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ යටතේ බෝගම්බර පැරණි බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කෙටි කාලයක් තුළදී නිමාවට පත් කරන බව අද (17) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති නව සැලැස්ම පිළිබද සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
අක්කර 14ක භූමි වපසරියකින් යුතු බෝගම්බර බන්ධනාගාරය තුළ සාම්ප්‍රදායික ග්‍රාමීය නිෂ්පාදන අන්තර්ගත කරන බවත් වෙළඳ සල්පිල් හා ප්‍රදර්ශනාගාරවලින් එය අන්තර්ගත වන බව සදහන් කළේය.
වර්ෂ 2025දී මිලියන හතරක සංචාරක ප්‍රවේශයක් අපේක්ෂා කරන අවස්ථාවක ඊට මහනුවර නගරයෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බව කී අමාත්‍යවරයා, මෙම ස්ථානයේ නිෂ්පාදකයන්ට වෙළඳ පොල අවස්ථා විවෘත කිරීමට ද මේ යටතේ සැලසුම් සකස් කර ඇතැයි කීවේය.
මහනුවර නගරයට පැමිණෙන විදේශීය සංචාරකයන් දින කිහිපයක් මහනුවර රඳවා ගැනීමට හැකි පරිදි සංචාරක ආකර්ශනයෙන් යුතු අංගවලින් මෙම ස්ථානය සමන්විත කිරීමට යෝජිතය.
ඓතිහාසික වටිනාකම් රැකගෙන සංවර්ධනය කෙරෙන මෙම භූමිය තුළ සීමා රහිත ආයෝජනයක් සිදුකළ හැකි යැයි ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මධ්‍යම පළාත් ආණ්ඩුාකර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ප්‍රවාහන කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා, ග්‍රාමීය කුඹුරු හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත යාපා බණ්ඩාර මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුලු මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
නදීක දයා බණ්ඩාර – මහනුවර
gossip lanka sinhala news, hikkaduwa, sri jayawardenepura kotte, polonnaruwa, sri lanka gossip, latest news in sri lanka, gossip lanka hot,
lanka cnews, galle sri lanka,