කොරෝනා නිවාඩුවේ හය මාසයක් තිස්සේ මහා පරිමාණයෙන් හොරකමේ ගිය හොරණ ළමා හොරු තිදෙනෙකු රුපියල් ලක්ෂ අටකට වැඩි හොරකම් කළ භාණ්ඩ සමග අත් අඩංගුවට ගත් බව අගුරුවාතොට පොලිසිය කියයි.
අගුරුවාතොට, ඉංගිරිය, සහ හොරණ ප්‍රදේශවල වෙළදසල් අටක් කඩා රුපියල් ලක්ෂ 40 කට වඩා වටිනා හොරකම් කළ විද්‍යුත් උපකරණ තොගයක්ද අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල් තුනක අ.පො.ස. සාමාන්‍යපෙළ ඉගනුම ලබන අවුරුදු 16 ක් වයසැති මෙම ශිෂ්‍ය හොරු තිදෙනා අගුරුවාතොට, බටගොඩ,සහ දොඹගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
හොරණ දෙඹගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියක් පරීක්ෂාකිරිමේදි පොරවක් සහ නින්ජා වර්ගයේ හිස් වැසුමක් සමග අත් අඩංගුවටගත් තරුණයෙකුගෙන් ප්‍රශ්න කර සිදුකළ විමර්ශනයෙන් අනාවරණයවු තොරතුරුවලින් අනෙත් ළමුන් දෙදෙනා සහ හොරකම් කළ භාණ්ඩ අත් අඩංගුවට ගෙන ඇත.
කොරෝනාවට පාසල් නිවාඩු ලැබිමත් සමග මීට මාස හයකට පමණ පෙර සිට දෙමාපියන්ට හොරෙන් මොවුන් තිදෙනා රාත්‍රි කාලයේ දි වෙළදසල් බිද ඇතැයි හෙළිව තිබේ.ලැප්ටොප් පරිගනක යන්ත්‍ර, පරිගනක උපාංග, ජංගම දුරකථන හා ටැබ් යන්ත්‍ර ඇතුළු විද්‍යුත් උපකරණ රැසක් හොරකම් කර ඇති අතර මෙම උපකරන විකුණා ගබා ගත් මුදල් විවිධ විනෝද කටයුතු වලට වැය කර ඇතැයි පාපොච්ඡාරණය කර ඇත.
සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු යොදා ඇත. කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, සහකාර පොලිස් අධිකාරි සේනාරත්න ඇතුළු උසස් පොලිස් නිළධාරින්ගේ උපදෙස් මත අගුරුවාතොට පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් විජේසිංහ මහතා, අප පොලිස් පරික්ෂක අපාලි සිරිවර්ධණ මහතා ඇතුළු නිළධාරින් කණ්ඩායමක් මෙම වැටලිම සිදුකර ඇත.
එස්. පොද්දෙණිය – මීගහතැන්න
sri lanka tamil news, ads lanka, lanka hot news gossip, x, xx, sex, nud, xvid, mp3, song