පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ගේ නිවසේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නියමිත කාලයට පෙර මැතිවරණයක් පැවැත්වීමට විරුද්ධ විය යුත් බවට තීරණය වී ඇති බවට වාර්තා වේ.

හදිසි මහමැතිවරණයක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ලබා ගැනීමට දරණ උත්සහයේ ශ්‍රී.ල.නි.ප ය පාර්ශවකරුවකු නොවී සිටීමට යෝජනා වී ඇති බවට වාර්තා වේ.මේ සම්බන්ධයෙන් අද දින රාත්‍රියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතය.

ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී.ල.නි.ප ය අතර ජනාධිපතිවරණයට සහය දීම සඳහා ඇති කර ගත් අවබෝධතා ගිවිසුමේ දී ජනාධීපතිවරණය ජයගතහොත් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමට එකග වී ඇත.

Similar Posts