coronadelta

ලොව කලාප හයෙන්, පහකම පසුගිය සති හතර තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම 80% කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) පවසයි.

මේ අතර ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වීම හමුවේ ඔස්ට්‍රේලියාවේ, බ්‍රිස්බේන් නගරය දින තුනකට වසා දැමීමට එරට බලධාරීන් පියවර ගත්තේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩෙල්ටා කොරෝනා ප්‍රභේද ආසාදිතයින් වාර්තා වීම හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි.

ඩෙල්ටා ප්ලස් ලෙස හැඳින්වෙන නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම නව ප්‍රභේදය ඉන්දියාවෙන් පළමුව හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණු ලෙස පැතිරයා හැකි අතර සංකූලතා ද ඉහළ මට්ටමක පවතින බවය.

මේ අතර ඉන්දියාවේ පැතිරයන ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 70 දෙනෙකු හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා ක⁣ළේ ය.

Similar Posts