හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අඩිපාරේ ගමන් කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මන්ත්‍රී දුරයකට පත්වී පාර්ලිමේන්තුව කතානායක වීමට යන බව වාර්තා වේ. මේ සදහා දැනට ජාතික ලයිස්තුව නියෝජනය කරනු ලබන සිරිසේන මහතාගේ ලගම හිතවතුන් වන තිලංග සුමතිපාල මහතා මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමට සූදාම් බවත් වාර්තා වේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව කියා සිටියේ තවත් කෙනෙකුට මේ ජනාධිපති පුටුවේ වාඩිවෙන්නට ඉඩ නොතබා පොරොන්දු වූ පරිදි ජනාධිපති ධුරය අහෝසි කිරීමට තමන් කටයුතු කරන බවයි. මෑතක දී නැවතත් ඔහු ප්‍රකාශකර සිටියේ ධුරකාලය අවසන් වීමෙන් පසුව තමන් විශ්‍රාම ගන්නා බවයි.

ඒ් සියලු ප්‍රකාශ වාතලයට මුසුකල හිස් වචන බවට පත්කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සතිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වී කතානායකවරයා ලෙස කටයුුතු කරනු ඇතැයි දේශපාලන විචාරකයින් පවසයි.

Similar Posts