දර කැඩීම සදහා මිතුරියගේ සහයට ගිය දෙදරු මවක දරුණු දෙඹර ප්රහාරයකට ලක්වි බරපතල ලෙස විෂ ශරිර ගතවි තඹුත්තේගම මූලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව අද (18දා) අළුයම ජීවිතක්ෂයට පත්වි තිබේ.
අවාසනාවන්ත අයුරින් ජීවිතක්ෂයට පත්වි ඇත්තේ කොත්මල්පුර තඹුත්තේගම ලිපිනයේ පදිංචිව සිටි පී.ජී ජයසුන්දර මැණිකේ (53)යන දෙදරු මවයි.
ඇය සමග දර කැඩීමට කැලෑවට ගිය අනෙක් කාන්තාවත් දෙඹර ප්රහාරයට නතුවි ඇතත් ඇය තඹුත්තේගම මූලික රෝහලෙන් ප්රතිකාර ලබා ගැනිමෙන් පසුව සුවය ලබමින් සිටිනා බව අනාවරණය විය.
මරණයට පත්වු කාන්තාව (17දා)උදෑසන ඇයගේ මිතුරිය කළ ඉල්ලීම මත ඇයත් සමග දර කැඩීමට නිවෙස් ආසන්නයේ පිහිටි කැලෑවට ගිය අවස්ථාවේ ගසක තිබූ දෙඹර කූඩුවක් ඇවිස්සිමෙන් අවාසනාවන්ත ඉරණමට ගොදුරුවි තිබේ.
මරණකාරියගේ හිසට දෙඹරුන් තිහකට අධික ප්රමාණයක් දෂ්ඨ කර ඇති බව අනාවරණය විය.මරණකාරිය හා ඇගේ මිතුරිය දර කඩමින් සිටියදි දෙඹර කූඩුවක බැද තිබූ දර අත්තක් කඩන්නට ඇති බවට ඥාතින් සැකපහළ කරනා අතර ඒ අවස්ථාවේ දෙදෙනාටම දෙඹරුන් එළව එළවා දෂ්ඨ කරන්නට ඇති බව ඔවුන් පවසයි.
දරුණු ලෙස දෙඹර ප්රහාරයට ලක්විමෙන් සිහිමදව සිටි කාන්තාව අසල්වාසින්ගේ සහයෙන් තඹුත්තේගම මූලික රෝහලට ඇතුලත් කර තිබෙනා අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකක රෝගින්ගෙන් පිරීයාම නිසා ඇයව ශික්ෂණ රෝහලට මාරුකර යැවීම සිදුකර නොමැති බව අනාවරණය විය.
දෙඹර විෂ දරුණු අන්දමින් ශරිර ගතවිම නිසා මරණය සිදුවන්නට ඇති බවට ඥාතින් සැකපහළ කරනා අතර පශ්චාත් මරණ පරික්ෂණය හා හදිසි මරණ පරික්ෂණය (18දා) පැවත්වීමට නියමිතව තිබුණි.
අනුරාධපුර – මහේෂ් විජේසූරිය