2019 ඔස්ට්‍රලේෂියා ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරඟාවළිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම  කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියහ.

මෙම තරඟාවළිය 2019 නොවැම්බර් මස 10 වන දින සිට 18 වන දින දක්වා පිලිපීනයේ බැටන්ගාස් නුවරදී පැවැත්විණි.

මිලි මීටර් 9 නිශ්පාදන අංශය යටතේ සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වූහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා තරුෂි මේකලා එම කණ්ඩායම නියෝජනය කළ අතර ශ්‍රී ලංකා යුධ හමුදාවේ ලෙෆ්ටිනන් ලියනාරච්චි, කාන්තා සෙබල කෞෂල්‍යා සහ කාන්තා සෙබල දෙව්මිණි යන ක්‍රිඩිකාවන් කණ්ඩායමට ඇතුළත් වු සෙසු ක්‍රීඩිකාවන් විය.

තරඟාවළිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කැප්ටන් සරත් ඩි සොයිසා (විශ්‍රාමික) සහ කළමණාකරු වශයෙන් ලෙෆ්ටිනන් කර්නල් ජයනාත් පෙරේරා කටයුතු කරන ලදී.

Similar Posts