deathboy

බුලත්සිහල , ඈගල්ඔය ප්‍රදේශයේ නිවසක ඉදිරිපස “ වැරණ්ඩාව“ ඉදිකිරිම සදහා සිටුවා තිබු කොන්ක්‍රිට් කණුවක් ගැලවි වැටි එයට යටවු දස හැවිරිදි පාසල් සිසුවෙකු පසු ගියදා එම ස්ථානයේදිම මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි.

බුලත්සිංහල ප්‍රාථමික විද්‍යාලයේ හතර වසරේ ඉලනුම ලබමින් සිටි බුලත්සිංහල, ඈගල්ඔය, රාජාලිමානාන ප්‍රදේශයේ දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක බාල දරුවා වු හෙට්ටිආරච්චිගේ කවිදු දිල්හාර ( 10) මෙසේ මරණයට පත්ව ඇත.

නිවසේ වැරණ්ඩාව ඉදිකිරිමට සවිකර තිබු කොන්ක්‍රිට් කණුදෙකක සිය මවගේ සාරියක් ගැටගසා ඔන්චිලි පදිමින් සිටියදි හදිසියේම එක් කොන්ක්‍රිට් කණුවක් දරුවා මතට පෙරළි තිබේ.

කොන්ක්‍රිට් කණුවට යටවි බරපතල තුවාල ලබා මියගොස් ඇති දරුවාගේ හදිසි මරණ පරික්ෂණය බුලත්සිංහල හදිසි මරණ පරික්ෂණක චිරාත් භාරත මහතා බුලත්සිංහල රෝහලේ දි සිදු කළේය. වැඩිදුර පරික්ෂණ සදහා මළ සිරුර හොරණ මුලික රෝහල වෙත යවා ඇත.

බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද සිල්වා මහතාගේ මෙහෙයිමෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

Similar Posts