ලක්ෂ පහකට ආසන්න පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ජන ගහනයෙන් සියයට 7ක් පමණ ඉතාම කුඩා ප්‍රතිශතයකට පමණක් කොරෝනා මර් දන ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බවත් මේ වන විට ආසාධිතයින් විශාල වශයෙන් හමු වීමත් සමග දෛනික ඔක්සිජන් අවශ්‍යතාව සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බවත් සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විටත් කොරෝනා මර් දන ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති පිරිස වයස අවුරුදු 60 ඉක්මවූ පිරිස් හා වයස අවුරුදු 30 ඉක්මවූ පිරිස් ලෙස ගණනය කළ හොත් ලක්ෂයකටත් අඩු සංඛ්‍යාවක් බවත් තවමත් අවුරුදු 60ට වැඩි කිසිදු එන්නතක් ලබා නොගෙන සිටින පිරිස් ද සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බවත් ඔවුහු පෙන්වා දෙති.
මේ වන විට දිස්ත්‍රික්කයේ රෝගීන් හදුනා ගැනීමේ පී.සී.ආර්.පරික්ෂණ සිදු කරන්නේ නැති බවත් දිස්ත්‍රික්කයේ ආසාධිතයින් ප්‍රමාණය ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවත් ඔවුහු වැඩි දුරටත් අවධාරණය කරති.
නිවෙස්වල රැක බලා ගන්නා කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින අතර එය 2000 සීමාවද ඉක්මවා ඇතැයි සෞඛ්‍ය ආරංචිමාර් ග සදහන් කරයි.
කෙසේ වෙතත් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සදහා අවශ්‍ය ඔක්සිජන් ඉල්ලුමට සරිලන සැපයුමක් කළ නොහැකි තත්ත්වයක් නිර් මාණය වී ඇති බවත් ඔක්සිජන් ලබා දෙන පහසුකම් සහිත ඇදන් නොමැතිකම බරපතල ගැටලුවක් බවත් ඔවුහු පෙන්වා දෙති.
මේ පිළිබදව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.සරත්චන්ද්‍ර කේ.කුමාරවංශ මහතා ගෙන් විමසීමක් කළෙමු.
“අපට පොලොන්නරුවට ලැබුණු එන්නත් සියල්ල අපි ලබා දි තිබෙනවා.අපේ අවශ්‍යතාව අපි දැනුම් දී තිබෙනවා.මේවන විට දෙවන මාත්‍රාව ලබා දෙන්න ලක්ෂයක පමණ පිරිසක් ඉන්නවා.ඒ අයට දෙන්න නියමිත දින තමයි මේ ගෙවෙමින් පවතින්නේ නමුත් එන්නත් ලැබී නැහැ.
අපට 40 000ක එන්නත් ප්‍රමාණයක් ලැබුණා වයස අවුරුදු 60 ට වැඩි එන්නත් ලබා නොගත් හා දෙවන මාත්‍රාව ලබා නොගත් අයට දෙන්න.නමුත් අපේ සමස්ත ජනගහනයෙන් සියයට 7ක් පමණ ප්රමාණයකටයි අපි එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබෙන්නේ.4 40 000කට අධික ජනගහනයකට එන්නත ලබා දිය යුතුයි.
නමුත් එන්නත් ලැබීමේ ප්‍රමාදයක් තිබෙනවා.දිස්ත්‍රික්කය පුරාම රෝගීන් දිනපතා වාර් තා වෙනවා.කොමියුනිටි එකේ රෝගීන් හදුනා ගැනීමට තමයි පී.සී.ආර් පරික්ෂණ කළේ දැන් අපට පී.සී.ආර් කරන්න අවශ්‍යතාවක් නෑ.දිස්ත්‍රික්කය පුරාම රෝගීන් ජන සමාජය තුළ ඉන්නවා.
ඒ නිසා රෝගීන් සෙවීම තමයි අපි කරන්නේ.ඒ සදහා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂා කිරීම් කරනවා.ඊයේ (24) දාත් අපි ආසාධිතයින් 266ක් හදුනා ගත්තා.අපේ සමස්ත රෝගීන් සංඛ්‍යාව තුන්වන රැල්ලේ 6171ක් වෙනවා.අවාසනාවන්ත ලෙස මරණ 90ක් සිදු වී තිබෙනවා.නිවාස තුළ රෝගීන් රැකබලා ගැනීමේ වැඩපිලිවෙලේ රෝගීන් 2000ක් පමණ බලා ගන්නවා.අපේ මධ්‍යස්ථාන 12ක වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර් ය මණ්ඩල.
ඊට අමතරව නේවාසිකව ප්‍රතිකාර ලබන සංඛ්‍යාවත් 2000කට ආසන්නයි.අපට අවශ්‍ය තරම් ඔක්සිජන් ලබා දෙන්න හැකියාවක් දැනට නෑ.ඒකට හේතුව අපට ඔක්සිජන් ලබා දීමේ පහසුකම සහිත ඇදන් නෑ.අලුතෙන් ඇදන් 42ක් හදන්න අපි ටෙන්ඩර් කැදවා ඒ කටයුතු ආරම්භ කර තිබෙනවා.” යැයි ද ඒ මහතා වැඩි දුරටත් කීය.
ඊෂා මුදියන්සේ – පොලොන්නරුව