gabinimaw

කොවිඩ් 19 වසංගතයට ගොදුරුව මේ වනවිට ශ්‍රී ලංකාවේ ගැබිනි මව්වරුන් 32 කු මිය ගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමලී ද සිල්වා මහත්මිය පවසයි.

ඇය පවසන්නේ කොවිඩ් වෛරසයට ගැබිනි මව්වරුන් 4200 ක් පමණ ගොදුරු වී ඇති බවත්  ඔවුන්ගෙන් 900 දෙනකු දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බවත්ය.

ගැබිනි මව්වරුන්ගෙන් 75% කට මේ වන විටත් කොවිඩ් එන්නත ලබා දී ඇති බව පැවසූ අධ්‍යක්ෂවරිය, සියලුම ගැබිනි මව්වරුන් සඳහා එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ළඟම ඇති රෝහල වෙත යන දෙස ගැබිනි මවුවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

ජනාකීර්ණ ස්ථාන වලට නොයන ලෙසත් කොවිඩ් වැනි රෝග ලක්‍ෂණ ඇති පුද්ගලයින් ඇසුරු කිරීමෙන් වළකින ලෙසත් ඇය ගැබිනි මව්වරුන්ට අවවාද කළාය.

ඇය පැවසුවේ කොවිඩ් ආසාදිත මවුවරුන් නිවසේ නිරෝධායනයට ලක් කළ යුත්තේ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත පමණක් බවයි.

ඊයේ (30) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව කියා සිටියාය.

ශානිකා

Similar Posts