සති 4ක පමණ කාලයක් එක දිගට රට වසා දැමීමත් සමඟ බුලත් වගාවෙන් දිවි සරි කරගත් බුලත් ගොවියා මෙන්ම ඒ ආශ්රිතව කටයුතු කරන විශාල පිරිසක් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිති.
විශේෂයෙන් ගාල්ල දිස්ත්රික්කයේ බුලත් ගොවියා මෙසේ අසරණ තත්ත්වයට පත්ව ඇති අතර බුලත් වගාවේ ඵලදාව මාසයක පමණ කාලයක් කැඩීමට නොහැකි වීමෙන් බුලත් කොළ මෝරා විකිණීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ඔවුහු පවසති.