lelena song mp3 download dj

කිරි පිටි හිගවිමත් සමග උඩරට වතුකරයේ නගරවල සමහර වෙලද සැල්වල අයිස්ක්‍රම් නිස්පාදනය කිරිම සදහා උපයෝගි කර ගන්නා කිරිපිටි අලෙවි කිරිමට පියවර ගෙන ඇති බව ප්‍රදේශයේ සමහර පිරිස් පවසති.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ වෙලද පල තුල පවතින කිරි පිටි හිගයත් සමග එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනිමට මාන බලන සමහර කූට වෙලදුන් අයිස්ක්‍රිම් සැදිම සදහා උපයෝගි කර ගන්නා කිරි පිටි පොලිතින් ඇසුරුම්වල පැකට් කර විකිනිම සිදු කරන බවත්ය.

මෙම පොලිතින් ඇසුරුම්වල නිස්පාදන සමාගමක හෝ නිස්පාද දිනයක්, කල් ඉකුත්විමේ දිනයක් හො සදහන්ව නොමැති පොලිතින් ඇසුරුම්වල බහා අලෙවි කරන බවත් මෙම තත්වයන් මත මෙම කිරිපිටිවල පවතින ගුණාත්මක තත්වයන් පිලිබදවද දැඩි සැකයක් පවතින බවත්ය.

මෙම තත්වයන් පිලිබදව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගෙන් හා මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගෙන්ද කරන ලද විමසිමකදි ඔවුන් පවසන ලද්දේ මෙසේ පොලිතින් ඇසුරුම්වල කිරි පිටි විකිනිම නිති විරෝධි බවත්ය.

කිරි පිටි විකිනිමේදි එම කිරි පිටි නිස්පාදන සමාගම නිස්පාදිත දිනය කල් ඉකුත්විමේ දිනය සදහන් විය යුතු බවත් එසේ නොමැතිව කිරි පිටි විකිනිම සිදුකරන වෙලද සැල්වලට එරෙහිව ආහාර පනත යටතේ නඩු පැවරිමට හැකි බවත්ය.

එම තත්වයන් මත පොලිතින් බැග්වල අසුරා කිරි පිටි විකිනිම සිදු කරන ස්ථාන පිලිබදව තමන්ට දැනුම් දෙන්නේ නම් එම ආයතන වලට නිතිමය පියවර ගැනිමට තමන්ට හැකි බවද ඔවුන් තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts