busstand

බස් ගාස්තු ඉහළ නැංවීමෙන් පමණක් බස්රථ කර්මාන්තය යළි ගොඩනැගිය නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා.

මේවන විටත් ගමනාගමනය සඳහා විකල්ප ක්‍රම භාවිතා කිරීමට බොහෝ ජනතාව හුරුවී ඇති බවත් ගාස්තු වැඩි කළ විට එම ප්‍රමාණය තවත් වැඩිවන බවත් ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙනවා.

බස් සේවකයන් වෙනත් රැකියා සඳහා යොමුව ඇති අතර බස් කර්මාන්තය රැක ගැනීමට අවම බස් ගාස්තුව රුපියල් 25ක් විය යුතු බවට බස් සංගම් යෝජනා කර ඇති බවටයි අද ඇතැම් පුවත්පත් වාර්තා කර තිබුණේ.

Similar Posts