ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලංකා IOC සමාගම රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එහි කළමනාකාර අධ්යක්ෂ මනෝජ් ගුප්තා මහතා සඳහන් කළේ පෙට්රල් ලීටරයක් රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීමට අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවයි.
කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා නොකරන බවට රජය තමන්ට දැනුම් දී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කළා.