බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීම නොවැම්බර් 01වනදායින් පසුව ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.
ඒ අනුව තෝරාගත් පිරිස් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබා දෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
ජනාධිපති ප්රමුඛව පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මෙය තීරණය වී තිබේ.