ජූනි මස සිට පසුගිය 20 දක්වා ගතවූ මාස හතරක කාලයේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 250කට අධික පිරිසක් හඳුනාගෙන ඇත.
ඉන් දෙදෙනකු මියගොස් ඇති බවත් කෑගල්ල දිස්ත්‍රික් වසංගත රෝග මර්දන අංශය සඳහන් කර තිබේ.
මාවනැල්ල හා දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් මී උණ රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වී තිබේ.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් උණ වැනි රෝග ලක්ෂණ ඇතිවූ විට වේදනා නාශක ඖෂධ භාවිත කරමින් වෛද්‍යවරයකු වෙත නොයා නිවසේ රැඳී සිටීම මෙම තත්ත්වයට හේතුව බව විශේෂඥවරුන් පවසයි.
එම නිසා කිසියම් හෝ රෝග ලක්ෂයක් මතු වනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලයි.
තවද කෑගල්ල මහ රෝහලේ මී උණ රෝගීන් 38 දෙනකු පමණ ප්‍රතිකාර ලබන අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සතියේ රෝගීන් දෙදෙනකු මිය ගොස් තිබේ.
ඉන් එක් පුද්ගලයකු කුඹුරු වැඩ සිදු නොකළ අයෙකු බවද වසංගත රෝග මර්දන අංශය පවසයි.