පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 27 ක සුරාබදු ආදායමක් රජයට අහිමි වී තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 160 ක් වුවද, පවතින තත්ත්වය හමුවේ ඊට ලගාවීම අපහසු බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එහිදී ප්රකාශ කර තිබෙනවා.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි මෙම කරුණු අනාවරණ කර ඇත්තේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදීයි.