corona-vi

තඹුත්තේගම ගුරුගම විද්‍යාලයේ සිසුන් සහ දෙමව්පියන් සිය දෙනකුට කළ රැපිඩ් පරීක්ෂණවලින් තිස්අටදෙනකුට (38) කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබේ. ඊයේ (31 ) පෙරවරුවේ සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී ඔවුන්ට කොවිඩ් ආසදිත බවට හඳුනාගෙන ඇත.

මෙම පිරිස අතර ළමයින් නවදෙනකු සිටින බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස පවුල් හතළිස්හයක (46) පුද්ගලයන් සියදෙනකු පමණ නිරෝධායනයට යොමු කර තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන, පදවිය, තඹුත්තේගම යන ප්‍රදේශවල පසුගිය දින පහක කාලය තුළ සිදුකරන ලද අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් පාසල් ළමයින් 44 දෙනකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එස්.බී. රත්නායක පවසයි.

ඔවුන් අවුරුදු පහත් දහයත් (5-10) අතර වයස් කාණ්ඩයේ පසුවන ළමයින් බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Similar Posts