dipawali

මේ මස 04වන දිනට යෙදි ඇති දිපවාලි උත්සවය සැමරිමට බඩු භාන්ඩ ලබා ගැනිම සදහා වතුකරයේ විවිධ පිරිස් 01වන දින හැටන් නගරයට පැමිනෙමින් සිටිති.

කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් මෙවර හැටන් නගරයේ දිපවාලි තාවකාලික පොල නොපවත්වන අතර සමහර පිටස්තර වෙලදුන් හැටන් නගරයේ වසා දමා ඇති සමහර වෙලද සැල් තාවකාලික කුලි පදනම මත ලබා ගෙන දිපවාලි සෙල් පැවැත්විමටද පියවර ගෙන ඇත.

හැටන් නගරයට පැමිනෙන වතුකරයේ විවිධ පිරිස් තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිම සදහා මෙසේ වෙලද සැල්වලට පැමිනෙමින් සිටින අතර දිපවාලි වෙලදාම් පිලිබදව අදහස් දක්වන බොහෝ වෙලදුන් පවසනුයේ වෙනත් වසරවලට වඩා මෙවර දිපවාලි වෙලදාම් දැඩි ලෙස අඩුවි ඇති බවත්ය.

මේ වන විට ජනතාව තුල පවතින ආර්ථික අහෙනිය හේතුවෙන් දිපවාලි වෙලදාම් මෙසේ අඩුව පවතින බවද එම පිරිස් පවසති.

හැටන් නගරයට පැමිනෙන ජනතාවගේ ආරක්ෂාව සදහා හැටන් මුලස්ථාන පොලිසිය වීශේෂ ආරක්ෂක වැඩ පිලිවෙලක්ද යෙදවිමටද පියවර ගෙන ඇත.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts