දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු පෙරේදා (02) හඳුනාගත් බව දික්වැල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජගත් පුෂ්පසිරි පැවසීය.
දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 114 දෙනෙකු දික්වැල්ල මහජන පොළ භූමියේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට භාජනය කර ඇති අතර, එහිදී මෙම ආසාදිතයන් 34 දෙනා හඳුනාගෙන ඇත.