ඉල් පුර පසළොස්වක පොහොය අදයි.
ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද ඉල් පුර පසළොස්වක පොහොය බෞද්ධ සැදැහැවතුන්ට අතිශය වැදගත් පොහොයක්.
මෛත්‍රී බෝධි සත්ත්වයින් විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොට දිනක සිදුව ඇති බව වාර්තා වේ.
ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේ හි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම අද වැනි පොහොය දිනක සිදුව තිබේ.
දෙව්ලොව සිට මිනිස් ලොවට වැඩමවීමෙන් පසු වදාළ දේවාව රෝහණය සහ බුදුරජාණන් වහන්සේ අගසව් සැරියුත් මහා රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේ පිරිනිවන් පෑමද සිදුව ඇත්තේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනකදීය.
පසුවස් පවාරණය සිදුකරන පොහොය දිනය මෙන්ම කඨින චීවර පුජාව කළ හැකි අවසාන පොහෝ දිනය ලෙසද ඉල් පුර පසළොස්වක පොහො දිනය සැළකෙයි.