ඩෙල්ටා අනු ප්‍රභේදයක් මෙරටින් හමුවී ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.
නව ඩෙල්ටා අනු ප්‍රභේදය B.1.617.2.104 ලෙස නම් කර ඇත.
මේ අතර විනෝද චාරිකාවල නිරතවන ඇතැම් පිරිස් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් සිටින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් චෝදනා කරයි.
ඇතැම් පිරිස් වගකීම් විරහිතව කටයුතු කරමින් සිටින බැවින් ඉදිරියේදී නත්තලට රට වසාදමනවාද ? පාසල් වසාදමනවාද ? යන තීරණය ජනතාව සතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.