මාලබේ පොලිස් වසමේ හෝකන්දර පාර, හෝකන්දර උතුර ප්‍රදේශයේ තොග වශයෙන් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතනයක් තුළ ප්‍රසිද්ධ වෙළඳ නාමයක් භාවිතා කරමින් ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද තෝර බීඩි විකිණීම් සිදුකරන බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ වැටලීමකදී ව්‍යාජ ලෙස සැකසූ රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් බීඩී තිස්අටදාහසකට අධික ප්‍රමාණයක් සහිත ඇසුරුම් 96 සහ බීඩි ඔතා ඇලවීමට උපයෝගී කරගන්නා ලාංඡන සහිත මුද්‍රණ කොල පහළොස් දහසකට අධික තොගයක් සහ එක් සැකකරුවෙක් නුගේගොඩ මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සහ විෂ මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය මැඩලීමේ ඒකකයේ නිලධාරින් එක්ව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
මේ දිනවල දුම්වැටි වල මිල ඉහළ ගොස් ඇති බැවින් පාරිභෝගිකයින් තුළ බීඩි සඳහා ඇති ඉල්ලුම වැඩිවීමත් සමග මෙලෙස කූට ලෙස මහා පරිමාණයෙන් ව්‍යාජ ලෙස බීඩි නිෂ්පාදනය කර මෙම ස්ථානයේ විකිණීම සහ දිවයින පුරා බෙදාහරින බවට මීගමුව ප්‍රදේශයේ පිහිටි බීඩී නිෂ්පාදනය සඳහා බලපත්‍ර ලාබී සමාගමක් විසින් සිදුකළ පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදු කළ බවත් වෙළෙඳ ආයතන පරිශ්‍රය පරික්ෂා කිරීමේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද බීඩි අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලීසිය පැවසීය.
බීඩි නිෂ්පාදනය සඳහා බලපත්‍ර ලාභී සමාගමේ වෙළඳ නාමය සහ ලාංඡන මෙන්ම දුරකථන අංකය, ආයතනයේ හිමිකරුගේ නම භාවිතා කරමින් බීඩි ඇසුරුම් කිරීම සඳහා කඩදාසි මුද්‍රණය කර ඇති බවත් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ඇති බවත් මූලික විමර්ශනවලදී විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලීසිය පැවසීය.
මෙවැනිම ආකාරයෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවකම අනවසරයෙන් කූට ලෙස තම වෙළෙඳ ආයතනයේ නාමය භාවිතා කරමින් තෝර බීඩි නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයන්හි නඩු පවරා ඇති බවත් මෙවැනි වංචනික ආකාරයෙන් තෝර බීඩි නිෂ්පාදනය කිරීම හේතුවෙන් රජයට මසකට විශාල බදු ආදායමක් අහිමි වන බවත් බලපත්‍රලාභී තෝර බීඩි නිෂ්පාදන සමාගම තුළ සේවකයින් 2000කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන බවත් ඔවුන්ට නිසි වේලාවට වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි වන බවත් සමාගමේ අයිතිකරු විසින් මෙම පැමිණිල්ල කර තිබූ බවද පොලිසිය පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මාලබේ පොලිස් ස්ථානය වෙත භාරදුන් බවත් පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ නුගේගොඩ කොට්ඨාස කලාප අංක 01 භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කුමාර රූපසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත නුගේගොඩ දූෂණ මර්දන කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනශාන්ත කහටදෙනිය මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඉසුරු ශාමික පොලිස් සැරයන් 41127 රුවන්, පොලිස් කොස්තාපල් 69080 ප්‍රමිල, 93377 ත්‍රිමාන්න, 35145 උමේෂ්, 80505 මදුමාල් යන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව