මෙරට අලෙවි කරමින් තිබෙන ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බව පවසමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති වරයා වන ගැමුණු විජේරත්න මහතා විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
බස් රථ වලට යොදන ඔටෝ ඩීසල් දහනය ඉහල ගොස් ඇති බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයිද ඔහු කියා සිටී.
එමෙන්ම මෝටර් රථවලට යොදන පෙට්‍රල් පවා දහනය වීමේ සම්භාවිතාව ඉහළ බව ද ඔහු පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.