viduli-sapauma sihina palapala sinhala

තාක්ෂණික දෝෂය නිවරැදි කොට පද්ධතිය යථා තත්ත්වයට පත් කළ ද ඇතැම් ප්‍රදේශවලට වරින්වර විදුලි සැපයුම සීමා කිරිමට සිදුව ඇති බව විදුලි බල අමාත්‍යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 900 ක ධාරිතාව පද්ධතියට නොලැබීම හමුවේ විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් මේ පියවර ගැනීමට සිදුවන බවයි.

ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ පෙරවරු 11.30ට පමණ දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටුණි.

විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ මෙලෙස පද්ධතියේ පූර්ණ බිඳවැටීමක් සිදුව ඇත්තේ කොත්මලේ ග්‍රීඩ් උපපොළේ සිට බියගම ග්‍රීඩ් උපපොළ දක්වා විදුලිය රැගෙන එන රැහැන් මාර්ගයේ බිඳවැටීමක ප්‍රතිඵලයක් ලෙස බවය.

හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් දිවයින පුරා ජනතාව දැඩි අපහසුතාවට පත්වී තිබුණි.

හදිසි විදුලි බිඳවැටීමත් සමඟ අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල කටයුතු සම්පූර්ණයෙන්ම අඩාලවීමත් සමඟ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ බොහෝමයක ජල සැපයුමට ද බාධා එල්ලවිය.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසන්නේ සිය අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන බවය.

Similar Posts