මුලතිව් – අලම්පිල් වෙරළ තීරයට මියගිය ඩොල්ෆින් මසුන් 9 දෙනෙකුගේ සිරුරු ගොඩ ගසා ඇති බව වනජිවි නිලධාරින් පවසනවා.
ධීවරයින් කළ දැනුම්දීමකට අනුව මෙම ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ සිරුරු සොයා ගෙන ඇති අතර, ඒවා අලම්පිල් මුහුදු වෙරළේ කිලෝමීටර් 2 ක වපසරියක විසිරී තිබූ බව සඳහන්.
මියගොස් සිටි මත්ස්‍යයින් අඩි 2 ත් අඩි 6 ත් අතර වන අතර, එම මත්ස්‍යයින්ගේ සිරුරු තුල ප්ලාස්ටික් කැබලි පැවති බව ද, වනජිවි නිලධාරින් ප්‍රකාශ කළා.
වැඩිදුර විමර්ශන සඳහා මෙම සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතයි.