rice

හල් ලබාදීම සඳහා අවශ්‍ය සහල් ආනයනය කිරීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව කඩිනමින් ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් (300,000) ආනයනය කිරීමට වෙළෙඳ ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය අනුමත කර ඇත.

නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් (200,000) සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් GR 11 (Short Grain Rice) වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ( 100,000) ආනයනය කිරීමට කටයුතු කෙරෙනු ඇත.

විවෘත වෙළෙඳ පොළේ ප්‍රමාණවත් පරිදි සහල් තොග පවත්වාගෙන යාම සඳහා වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මෙලෙස සහල් ආනයනය කිරීමට යෝජනා කර තිබේ.

More Stories