මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි තරුණයන් 08 දෙනකු හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි හදිසි මාර්ග බාධකයක් යොදා පොලිස් නිල සුනඛ ස්ටවුඩ්ගේ සහය මත කරන ලද රථ වාහන පරික්ෂාවකදි මෙසේ විවිධ මත් ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් 08 දෙනා අත් අඩංගුවට ගත් බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි.
මෙසේ අත් අඩංගුවට ගන්නා ලද තරුණයන් අවුරුදු 25ත් 35ත් අතර වයස්වල අය බවත් මෙසේ අත් අඩංගුවට ගන්නා ලද තරුණයන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවත් එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.
හැටන් ජේශ්ට පොලිස් අධිකාරි වීජිතද අල්විස් මහතාගේ උපදෙස් මත හැටන් සහකාර පොලිස් අධිකාරි එස්. ඩි. එම්. ෆාරුක් මහතාගේ හා හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිතත් ජයසේස මහතාගේ අධික්ෂණය මත ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල්, උප පොලිස් පරික්ෂන දසනායක, පොලිස් සැරයන් 55607 කමල්, පොලිස් කොස්ථාපල්වරුන් වන 85521 රසික,77334 රත්නායක, 92860 රෝෂාන්, 85064 කොතලාවල, පොලිස් කොස්ථාපල් රියදුරු 85442 නවරත්න යන නිලධාරින් විසින් මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇත.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්